ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලීස් පරීක්ෂක අයි.එම්.ඒ. උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි ඉංගිරිය පොලිස් ස්ථානය පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පොලිස් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ඉංගිරිය නගර මධ්‍යයේදී පැවැත්විය. මෙහිදී පෞද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විසින් පිළිපැදිය යුතු මාර්ග නීති, මගීන් කෙරෙහි දැක්විය යුතු සැලකිලිමත්භාවය, විනයාත්මක කරුණු මහ කප්පම් ප්රශ්නය පිළිබදව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඹවුන් දැනුවත් කරනු ලැබූ අතර ඔවුනට ඇති පොදු ගැටළුකාරී තත්ත්වය පිළිබද විමසා ඒවාට අවශ්‍ය පිළිතුරු ලබාදීම සිදු කෙරුණි.














































