ඉංගිරිය පොලිස් ස්ථානයේ ඉදිවෙමින් තිබූ බුදු කුටියේ වැඩ අවසන් වී එය විවෘත කිරීම පසුගියදා පැවැත්විය. ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිතුමාගේ සංකල්පයක් අනුව පසුගිය කාලයේදී ඉංගිරිය පොලිස් ස්ථාන පරිශ්රය නවීකරණය කරන ලදී. එහි එක් පියවරක්වූ මෙම බුදු මැදුර ඉංගිරිය පොලිස් ස්ථානයට ඉතා අලංකාර පෙනුමක් ලබාදී ඇත. මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


















































