ඉංගිරිය නගරයේ හැටන් නැෂනල් බැංකු ශාඛාවක් පසුගියදා විවෘත වූහ. අලුතින් ඉදිකළ ගොඩනැගිල්ලක ස්ථාපනය කළ නව බැංකු ශාඛාව විවෘත කිරීම සඳහා හොරණ ප්රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ, විපක්ෂයේ ගරු මන්ත්රී පී.ඩී.අබේරත්න මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මෙහිදී පී.ඩී.අබේරත්න මැතිතුමා පලමු තැන්පතුව බැංකු කළමණාකාරවරිය වෙත භාර දුන්හ. මෙම ශාඛාව හේතුවෙන් ඉංගිරිය ජනතාවට මහත් පහසුවත් අත්වනු ඇත. ඉංගිරිය බස් නැවතුම්පොල පසුකර හොරණ දෙසට යාමේදී මෙම බැංකු ශාඛාව හමුවේ.






















































