නාච්චිමලේ නානතොටුපල ප්රදේශය සුද්ද පවිත්ර කිරීමේ වැඩසටහනක් ඉංගිරිය පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව සංවිධානය කර තිබුණි. ඉංගිරිය ප්රදේශයට විශාල සංචාරක පිරිසක් මෙම නාන තොටුපල නිසා ඇදී එති. සුප්රසිද්ධ ස්ථානයක් වන නිසාම මෙම ප්රදේශයේ විශාල පරිසර දූෂණයක් දක්නට ලැබේ. සංචාරක පිරිස් දමා යන බෝතල්, පොලිතීන් තැන තැන විසිරී තිබෙනු දක්නට ලැබේ. මෙම උවදුරින් මෙම මහඟු සම්පත ගලවා ගැනීම සඳහා මෙම වැඩසටහන දිගින් දිගටම පවත්වන්නට ඉංගිරිය පොලීසිය සහ ප්රදේශවාසීන් බලාපොරොත්තු වෙයි.





















































